Sunday, May 27, 2018

Windows 10 තියෙන PC එකක් වෙන Software නැතිව Phone එකෙන් Control කරමු




කොහොමද කට්ටියට? ඔන්න කාලෙකට පස්සේ (අවරුදු දෙකකට වගේ) ආය ලියන්න හිතුවේ. අදත් වෙනද වගේම වැදගත් දෙයක් ගැන කතාකරන්න යන්නේ.

ඉස්සල්ලම මේකේ  වැදගත්කම කතා කරලා ඉමු. :- මෙන්න මේකයි වැඩේ. ගොඩක් වෙලාවට මොකක්හරි  වැඩක් කරලා ඉවර වෙලා මොනිටර් එක  දිහා බලන් ඉන්න ඕනි. අඩුම ගානේ වීඩියෝ එකක් rending  වෙනකල්වත්. හැබැයි දැන් එක දිහා බලන් ඉන්න ඕනි නෑ.
                               ලොකුම දේ මේකට ඩේට යන්නේ නැති එකයි. මෙන්න මේකෙන් DESKTOP පරිගණක තියන අයටනම් ගොඩක් වැඩ ගන්න පුළුවන්. කෙටියෙන් කිවොත් PC එකේ තියන Film එකක් ඇදේ ඉදන් අතල් එකේ Phone එකෙන් බලන්න පුළුවන්. දැන් තෙරුනානේ මොකක් ගැනද මේ කියන්නේ කියල.

හරි. අපි දැන් මේකට ඕනි මොනවද බලමු. මේකට ඕනි කරන්නේ WiFi connection එකක් විතරයි.
හරි හරි, දැන් කලබල වෙන්න එපා. Data ඕනි නෑ. Router එකෙන් IP අතර data ගමන් කරනවා විතරයි.

හරි නේද? එහෙනම් වැඩේට බහිමු.
ඉස්සල්ලම 4න් එකයි Computer එකයි එකම WiFi කනෙක්ෂන් එකට කනෙක්ට් කරන්න ඕනි.
Phone එකට ඇප්  එකක් තියනවා ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. ලින්ක් එක යටින් දාන්නම්.  නම RD Client. Download කරගන්න පහල රූපේ උඩ ක්ලික් කරන්න.




PC එකෙන් මේ ටික කරන්න.




ඉස්සල්ලම Settings ගිහින් System වලට යන්න ඕනි. ඊට පස්සේ Remote Desktop ගිහින් Enable Remote Desktop On කරන්න ඕනි.


Phone එකෙන්  RD Client ON කරලා දකුණු පැත්තේ උද තියෙන "+" ලකුණ ටච් කරන්න. ටික වෙලාවකින් කනෙක්ට් වෙයි.

මේක ඕපන් වෙන්නේ Mouse point එකක් එක්ක. අවශ්‍යනම් settings ගිහින් Touch Mode එකට දාගන්නත් පුළුවන්.

මෙන්න Phone එකේ දැන් Preview එක.


එහෙනම් දිගටම මේ වගේ පොස්ට් වලින් හම්බෙමු. ජය වේවා!...