Monday, May 28, 2018

දියවැඩියාවට ඔබ නොදන්නා අත් බෙහෙත් වර්ග - 2 කොටස




ඔන්න යාලුවනේ මේ කොටසෙන් කතා කරන්න හදන්නේ දියවැඩියාව පාලනේට ගන්න පුලුවන් අත් බෙහෙත් 4ක් පිළිබදවයි.
                      කලින් පෝස්ට් දෙකකින් කතා කරා මේ අත් බේත් කියන්නෙ මොනාද, දියවැඩියාවට අත් බේත් පාවිච්චි කරද්දි සැලකිලිමත් වෙන්න ඕනි කරුණු මොනවද කියල...
දැන් අපි කතා කරමු මේ බේත් පිළිබදව. මූලිකව මේ ලිපියෙන් අද බෙහෙත් වර්ග 4ක් ගැන කියල දෙන්නයි හදන්නෙ. හැබැයි 4කින් නවතින්නෙ නෑ. ඊලග පෝස්ට් වල ඉතිරිටික. ටිකක් බලාපොරොත්තුවෙන් ඉන්න වෙනව හැබැයි.
කලින් කීව වගේ මතක තියාගන්න මේ ටිකත්. මේව හදිසි වෙලාවක විතරයි. වැඩි විස්තර දැන ගන්නනම් කලින් පෝස්‍ට් ටිකත් කියවල එන්න.
හරි එහෙනම්. බලමු මේ බේත් මොනවද කියල.


පලවෙනි බේත 


රණවරා ගහේ පංචාන්ගයම අරගෙන හොදට තම්බල දවස් 07ක් බොන්න ඕනි. දැන් ප්‍රශ්නයක් ඇති පංචාන්ගය කියන්නෙ මොකක්ද කියල. ඒකත් දැනගනකෝ එහෙනම්.

01 මල්
02 ගෙඩි
03 පොතු
04 මුල්
05 කොළ
දෙවෙනි බේත
ගම්මිරිස් කොල. මේකත් තම්බල දවස් 07ක් බොන්න තියෙන්නෙ. ලෙඩේ හොද කරගන්න කැපවීම් කරන්න වෙනව ඉතින්. මේවනම් හොයාගන්න පුලුවන්නෙ.

☝ තුන්වෙනි බේත
වරක ගහේ කොල. (ඔව් ඔව්. වරක කොස් ගහේ) මේකනම් දිගටම කරන්න හොද නෑ හැබැයි. කොල 10ක් වගේ අරන් තම්බල දවසකට සැරයක් බොන්න. ඩේලි එපා. ආයෙත් කියන්නෙ.

☝ හතර වෙනි බේත
දන්නවනි ගම්මාලු ගැන. ගම්මාලු කිරි බිංදු 4ක් නැත්තන් 5ක් අරන් වතුර කෝප්ප බාගෙකට දාල බොන්න තියෙන්නෙ.
ඔන්න එහෙනම් අද දවසට දියවැඩියා බේත් පාඩම ඉවරයි. ආයෙත් දවසක ඉතිරි බේත් ටික අරන් එන්නම්.
එහෙ බුදු සරණයි කට්ටියටම!