Saturday, November 12, 2016

Torrent අලුත් වැඩකෑලි සිංහලෙන්...


Torrent අලුත් වැඩකෑලි සිංහලෙන්...






                        ඔන්න යාලුවනේ මගේ පලවෙනි පොස්ට් 1 මෙහෙම පටන්ගන්නම්. ඔයාල ඒකාලේ ටොරන්ට් වලින් අම්බානට ෆිල්ම්ස්, ගේම්ස් බාගන්න ඇතිනේ. හුගක් යාලුවෝ දුක් උන කාරණයක් තමා ටොරන්ට් searching සයිට් එක බ්ලොක් උන එක. මොකද ඒක නවත්තන්න වෙලා තියනවා.
                                                                           මේ ගැන එක එක කතා තිබුනා. ඒ කොහොම උනත් ගොඩක් අය හිතුවේ ටොරන්ට් සම්පුර්ණයෙන් බ්ලොක් කරලා කියල. හැබැයි වාසනාවකට ඒක එහෙම නෙවේ...



Torrent search...


                                  සිද්ද වුනේ ටොරන්ට් සර්ච් කරන google වගේම torrent වලට ආපු search engine  එක නැවතුන එක. ඒ torrentz කියන search engine එක. දැන් ඉතින් ගිහින් බලන්න ඇතිනේ ඒක වැඩද කියල. මාර සීන් එක වැඩ නේද? නෑ එක ඇත්තටම වැඩ නෑ. ඒකෙ නම අරන් වෙන අය ඇඩ් පෙන්නනවා විතරයි. ආ ඉතින් කියන්න බැරි උනානි. torrent කියන්නේ නවත්තන්න පුළුවන් දෙයක් නෙවේ...
     දැන් කල්පනා කරනවා ඇති ඒ ඇයි කියල. මේකයි. ඔයාලගේ computer 1 server එකක් කියල හිතන්න. ඔයාගේ යාළුවගේ ඒකත් එහෙමමයි. දෙකේම එකම දත්ත තියනවා. දැන් අපි ලගට තුන්වෙනි පුද්ගලයෙක් එනවා. එතකොට එයාට ඕනි film 1ක් ඒක ඔයයි ඔයාගේ යාළුවයි දෙන්නම ලග තියනවා. හදිසියේම ඔයාගේ computer එක වැඩ නෑ..... අන්න අර තුන්වෙනි පුද්ගලයට ඒක ඔයාගේ යාලුවගෙන් ඉල්ලගන්න පුලුව. torrent කියන්නෙත් ඒ වගේ එකක්. (තේරෙන විදියට කිවා කියල මම හිතනවා) 



torrentz නැති වුනාට පස්සේ.....


       අපට විකල්පයක් නැද්ද? ඇයි නැත්තේ, තියනවා. ටොරන්ට් වැඩේ කරන ආපු අය හැදුව නැති වුන දේ අඩුව පිරිමහන්න තව search engine එකක්. ඒක තමයි torrentz2 කියන්නේ. (google එකේ ගහල එහෙමත් හොයාගන්න පුළුවන්.) 




Torrent download කරන්නේ කොහොමද?






              අලුත් අයටනම් මේක ලොකු ප්‍රශ්නයක්. ටොරන්ට් බාගන්න අපිට uTorrent වගේ software එකක් ඕනි කරනවා. මේකට ඉතින් ගොඩක් විකල්ප තියනවා. මුලින්ම software 1 බාගන්නකො...



μTorrent®

Vuze Bittorrent Client




Torrent බාන ක්‍රම...



            මේකෙත් ලොකු දෙයක් නෑ... torrentz2 දෙන  website වලින් කැමති එකකට ගිහින් ටොරන්ට් file එක බාගන්න. ඒක බාගන එක open කලාම අපේ software එක හරහා බාගන්න පුළුවන් ඕනි දේ... එහෙමත් නැත්තන් මැග්නෙට් ලින්ක් කියන එක දුන්නොත් අපිට පුළුවන් torrent file 1 බගන්නැතිව software එක ඕපන් කරල ඕනි කරන ෆිල්ම් 1ක බාගන්න. 



ඔබ දැනගත යුතු දේ...



    ඔබ බාගත් file  එක 100% වුන පසු Seede වෙන්න පටන්ගන්නවා, ඒ කියන්නේ ඔයා download කරපු file එක ඔයාගේ computer එකෙන් වෙන කෙනෙකුට යවනවා. මතක් කරලා එහෙම වෙනකොට stop කරන්න. ඔයාට data තියනවනම් ඉතින් තව කෙනෙකුට ඒක ගන්න දෙන එක තමා හොද.

එහෙනම් තවත් දවසක හමුවෙමු. ගිහින් එන්නම්.... අදහස් තියනවනම් ලියල යන්න.
-------------