Monday, May 28, 2018

අත් බේත් ගැන දැනුවත් වෙමු!






                                      ඔන්න අලුත් දවසක අලුත් පෝස්ට් එකකින් ආව. මෙච්චරකල් පෝස්ට් කරේ TEC ගැන විතරනි. අද ඉදන් ඔන්න අලුත් ටැබ් එකක් එකතු වෙනව අත් බෙහෙත් කියල.
මොනාද මේ අත් බෙහෙත්?


අත් බෙහෙත් ගැන කෙටියෙන් හැදින්වීමක් කරලම මේක පටන්ගන්නම්.
                           ගෙදරදි බඩේ අමාරුවක් වගේ හැදුනොත් මොකද කරන්නෙ? අපි හොයන්නෙ පෙරසිටමෝල් වගේ බේත් වලට වඩා ස්පීඩ් එකක්නේ? හරියට ජෙට් එකක් ගියා වගේ...
              තවත් වෙලාවකට මන්තර. හරි මන් මන්තර එක්කම මේක කරන් යන්න පොරොන්දු වෙන්නම්කො. (හැබැයි හූනියම් කරන ඒව දෙන්නෙ නෑ)

     අත් බේත් කියන්නෙ සාමාන්‍යයෙන් හැම ගෙදරකම තිබියයුතුම දෙයක්. මේවා ගස් වැල්, පැලෑටි වල කොටස් වලින් තමා සකස් කරන්නෙ. ගොඩක් දුරට හදිස්සි අවස්ථාවල තමා මේව ඕනි වෙන්නෙ.
මේවා ගොඩක් දුරට අපේ මුතුන්මිත්තන් හොයාගත්තු දේවල්. ඒව හංගන් ඉන්නවට වඩා කෙනෙක් දැනුවත් කරන එක තමා හොදම දේ. ඒ දේ කරන්න තමා මේ හදන්නෙ

හිතන්ම හදිස්සියෙ තුවාලයක් උනා. අන්න එ වෙලාවට තමා මේව ඕනි වෙන්නෙ. හදිස්සි ලේ නැවතීම් වලට වගේ. මේව පාවිච්චියට ගන්න දින සීමා තියෙනව. ඒ කීවෙ සාමාන්‍යයෙන් දවස් 7, 10 වගේ කාලවලට.
හරි එහෙනම් දැන් අදහසක් ඇතිනි මේ අත් බේත් කියන්නෙ මොනාද කියල.  එහෙනම් එක එක ලෙඩ වලට අදාලේක එක බේත් ඉස්සරහට දාන්නම්. ආය සවසක හම්බෙමු!