Monday, May 28, 2018

දියවැඩියාවට ඔබ නොදන්නා අත් බෙහෙත් වර්ග - 2 කොටස




ඔන්න යාලුවනේ මේ කොටසෙන් කතා කරන්න හදන්නේ දියවැඩියාව පාලනේට ගන්න පුලුවන් අත් බෙහෙත් 4ක් පිළිබදවයි.
                      කලින් පෝස්ට් දෙකකින් කතා කරා මේ අත් බේත් කියන්නෙ මොනාද, දියවැඩියාවට අත් බේත් පාවිච්චි කරද්දි සැලකිලිමත් වෙන්න ඕනි කරුණු මොනවද කියල...
දැන් අපි කතා කරමු මේ බේත් පිළිබදව. මූලිකව මේ ලිපියෙන් අද බෙහෙත් වර්ග 4ක් ගැන කියල දෙන්නයි හදන්නෙ. හැබැයි 4කින් නවතින්නෙ නෑ. ඊලග පෝස්ට් වල ඉතිරිටික. ටිකක් බලාපොරොත්තුවෙන් ඉන්න වෙනව හැබැයි.
කලින් කීව වගේ මතක තියාගන්න මේ ටිකත්. මේව හදිසි වෙලාවක විතරයි. වැඩි විස්තර දැන ගන්නනම් කලින් පෝස්‍ට් ටිකත් කියවල එන්න.
හරි එහෙනම්. බලමු මේ බේත් මොනවද කියල.


පලවෙනි බේත 


රණවරා ගහේ පංචාන්ගයම අරගෙන හොදට තම්බල දවස් 07ක් බොන්න ඕනි. දැන් ප්‍රශ්නයක් ඇති පංචාන්ගය කියන්නෙ මොකක්ද කියල. ඒකත් දැනගනකෝ එහෙනම්.

01 මල්
02 ගෙඩි
03 පොතු
04 මුල්
05 කොළ
දෙවෙනි බේත
ගම්මිරිස් කොල. මේකත් තම්බල දවස් 07ක් බොන්න තියෙන්නෙ. ලෙඩේ හොද කරගන්න කැපවීම් කරන්න වෙනව ඉතින්. මේවනම් හොයාගන්න පුලුවන්නෙ.

☝ තුන්වෙනි බේත
වරක ගහේ කොල. (ඔව් ඔව්. වරක කොස් ගහේ) මේකනම් දිගටම කරන්න හොද නෑ හැබැයි. කොල 10ක් වගේ අරන් තම්බල දවසකට සැරයක් බොන්න. ඩේලි එපා. ආයෙත් කියන්නෙ.

☝ හතර වෙනි බේත
දන්නවනි ගම්මාලු ගැන. ගම්මාලු කිරි බිංදු 4ක් නැත්තන් 5ක් අරන් වතුර කෝප්ප බාගෙකට දාල බොන්න තියෙන්නෙ.
ඔන්න එහෙනම් අද දවසට දියවැඩියා බේත් පාඩම ඉවරයි. ආයෙත් දවසක ඉතිරි බේත් ටික අරන් එන්නම්.
එහෙ බුදු සරණයි කට්ටියටම!

දියවැඩියාවට අත්බේත් ගැනීමට පෙර මේගැන දැනුවත්ද? - 1 කොටස






දියවැඩියාව ඔබට හෝ පව්ලේ කෙනෙකුට ඇතිනම් අනිවාර්යයෙන් කියවන්න.
දියවැඩියාව කියන්නෙ මොකක්ද?

              මුලින්ම කියන්නම් දිග ලෙක්චර් එකක් දෙන්න නෙවෙයි හදන්නෙ. පොඩි දෙයක් කියන්නෙම්. මේ කියන්නෙ බෝ නොවන ලෙඩ ගැන. දන්නවනි. ගොඩක් දුරට බෝ වෙන ලෙඩ වලට වඩා ලෙඩක් වෙනව කියල බෝ නොවෙන ලෙඩක් හැදුනොත්? මේකත් ඉතින් ඒම ලෙඩක් තමා.
                              අපේ ඇගේ ඉන්සියුලින් අඩු උනොත්, එහෙම නැත්තත්, ඉන්සියුලින් නිශ්පාදනයක් වෙන්නෙ නැත්තන් තමා තමා අපිට මේ ලෙඩේ වැලදිලා කියල කියන්නෙ. දන්නවනි ඩිරෙක්ට් ඉන්සියුලින් ඉන්ජෙක්ෂන් ගහන අයත් ඉන්නව කියල.
                   
                   ඔන්න ඔය අතර ඔයාලට මේ ලෙඩේ තියනවනම් දන්නව ඇතිනි කලන්තෙ හැදෙනව, සීනි වැඩි උනාම් දාඩිය දානව, උඩ බලන්න බෑ, බිම බලන්න බෑ, ඔන්න ඔය ලෙඩේ වැඩි උනාම ක්ෂණිකව අඩුකරගන්න තමා මේ අත් බේත් යොදාගන්නෙ.
                                 කොටස් කීපයකට මේ පෝස්ට් එක දාන්න බලාපොරොත්තු වෙනව. හේතුව දියවැඩියාව ගැන බේත් ගොඩක් දෙන්න තියනව. ඒත් එක පෝස්ට් එකකින් ඒක දෙන්න බෑනෙ. 


හරි අපි බලමු බේත් ගන්න කලින් සැලකිලිමත් වෙන්න ඕනි මොනවා ගැනද කියල.


✔ මුලින්ම කියන්න තියෙන්නෙ අත් බේත් කියන්නෙ ලෙඩේට නිට්ටාවටම නැත්තන් දීර්ග කාලීනව ගන්න පුලුවන් බේත් නෙවේ.
✔ කොයිම වෙලාවකවත් මේ බේත් නිසා මෙච්චර කල් අනිගමනය කරපු බේත් මගාරින්න එපා.
✔ මේවා දීර්ගකාලීනව පාවිච්චියට හොද නෑ...
✔ නිතර ලේ චෙක් කරල ෆුල් අවදානෙන් ඉන්න ඕනි.
✔ මේව ගත්තම ඇගට හොද නෑ වගේනම් පාවිච්චිය නවත්තන්න ඕනි.
✔ පාවිච්චි කිරීමේදී ප්‍රධාන බේත් වලට අමතරව පමණක් ගත යුතුය.


එහෙනම් බේත් මොනාද කියල ඊළග පෝස්ට් එකෙන් සාගඡ්ඡා කරමු.

සුභ දවසක්!

අත් බේත් ගැන දැනුවත් වෙමු!






                                      ඔන්න අලුත් දවසක අලුත් පෝස්ට් එකකින් ආව. මෙච්චරකල් පෝස්ට් කරේ TEC ගැන විතරනි. අද ඉදන් ඔන්න අලුත් ටැබ් එකක් එකතු වෙනව අත් බෙහෙත් කියල.
මොනාද මේ අත් බෙහෙත්?


අත් බෙහෙත් ගැන කෙටියෙන් හැදින්වීමක් කරලම මේක පටන්ගන්නම්.
                           ගෙදරදි බඩේ අමාරුවක් වගේ හැදුනොත් මොකද කරන්නෙ? අපි හොයන්නෙ පෙරසිටමෝල් වගේ බේත් වලට වඩා ස්පීඩ් එකක්නේ? හරියට ජෙට් එකක් ගියා වගේ...
              තවත් වෙලාවකට මන්තර. හරි මන් මන්තර එක්කම මේක කරන් යන්න පොරොන්දු වෙන්නම්කො. (හැබැයි හූනියම් කරන ඒව දෙන්නෙ නෑ)

     අත් බේත් කියන්නෙ සාමාන්‍යයෙන් හැම ගෙදරකම තිබියයුතුම දෙයක්. මේවා ගස් වැල්, පැලෑටි වල කොටස් වලින් තමා සකස් කරන්නෙ. ගොඩක් දුරට හදිස්සි අවස්ථාවල තමා මේව ඕනි වෙන්නෙ.
මේවා ගොඩක් දුරට අපේ මුතුන්මිත්තන් හොයාගත්තු දේවල්. ඒව හංගන් ඉන්නවට වඩා කෙනෙක් දැනුවත් කරන එක තමා හොදම දේ. ඒ දේ කරන්න තමා මේ හදන්නෙ

හිතන්ම හදිස්සියෙ තුවාලයක් උනා. අන්න එ වෙලාවට තමා මේව ඕනි වෙන්නෙ. හදිස්සි ලේ නැවතීම් වලට වගේ. මේව පාවිච්චියට ගන්න දින සීමා තියෙනව. ඒ කීවෙ සාමාන්‍යයෙන් දවස් 7, 10 වගේ කාලවලට.
හරි එහෙනම් දැන් අදහසක් ඇතිනි මේ අත් බේත් කියන්නෙ මොනාද කියල.  එහෙනම් එක එක ලෙඩ වලට අදාලේක එක බේත් ඉස්සරහට දාන්නම්. ආය සවසක හම්බෙමු!
                    

Sunday, May 27, 2018

Windows 10 තියෙන PC එකක් වෙන Software නැතිව Phone එකෙන් Control කරමු




කොහොමද කට්ටියට? ඔන්න කාලෙකට පස්සේ (අවරුදු දෙකකට වගේ) ආය ලියන්න හිතුවේ. අදත් වෙනද වගේම වැදගත් දෙයක් ගැන කතාකරන්න යන්නේ.

ඉස්සල්ලම මේකේ  වැදගත්කම කතා කරලා ඉමු. :- මෙන්න මේකයි වැඩේ. ගොඩක් වෙලාවට මොකක්හරි  වැඩක් කරලා ඉවර වෙලා මොනිටර් එක  දිහා බලන් ඉන්න ඕනි. අඩුම ගානේ වීඩියෝ එකක් rending  වෙනකල්වත්. හැබැයි දැන් එක දිහා බලන් ඉන්න ඕනි නෑ.
                               ලොකුම දේ මේකට ඩේට යන්නේ නැති එකයි. මෙන්න මේකෙන් DESKTOP පරිගණක තියන අයටනම් ගොඩක් වැඩ ගන්න පුළුවන්. කෙටියෙන් කිවොත් PC එකේ තියන Film එකක් ඇදේ ඉදන් අතල් එකේ Phone එකෙන් බලන්න පුළුවන්. දැන් තෙරුනානේ මොකක් ගැනද මේ කියන්නේ කියල.

හරි. අපි දැන් මේකට ඕනි මොනවද බලමු. මේකට ඕනි කරන්නේ WiFi connection එකක් විතරයි.
හරි හරි, දැන් කලබල වෙන්න එපා. Data ඕනි නෑ. Router එකෙන් IP අතර data ගමන් කරනවා විතරයි.

හරි නේද? එහෙනම් වැඩේට බහිමු.
ඉස්සල්ලම 4න් එකයි Computer එකයි එකම WiFi කනෙක්ෂන් එකට කනෙක්ට් කරන්න ඕනි.
Phone එකට ඇප්  එකක් තියනවා ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. ලින්ක් එක යටින් දාන්නම්.  නම RD Client. Download කරගන්න පහල රූපේ උඩ ක්ලික් කරන්න.




PC එකෙන් මේ ටික කරන්න.




ඉස්සල්ලම Settings ගිහින් System වලට යන්න ඕනි. ඊට පස්සේ Remote Desktop ගිහින් Enable Remote Desktop On කරන්න ඕනි.


Phone එකෙන්  RD Client ON කරලා දකුණු පැත්තේ උද තියෙන "+" ලකුණ ටච් කරන්න. ටික වෙලාවකින් කනෙක්ට් වෙයි.

මේක ඕපන් වෙන්නේ Mouse point එකක් එක්ක. අවශ්‍යනම් settings ගිහින් Touch Mode එකට දාගන්නත් පුළුවන්.

මෙන්න Phone එකේ දැන් Preview එක.


එහෙනම් දිගටම මේ වගේ පොස්ට් වලින් හම්බෙමු. ජය වේවා!...

Tuesday, December 20, 2016

SLT Data Free අදම එකතුවෙන්න.

SLT Data Free දිනන්න.




ඔන්න යාලුවනේ මම අද ගෙනාවේ වෙනම දෙයක්. මේක සමහර අය දැනගෙන හිටියට සමහර අය අද වෙනකොටවත් දන්නේ නෑ.... කොහොම උනත් මේ නත්තල් කලේ පොඩි ගේම් එකක් ප්ලේ කරලා 500GB දිනාගන්න චාන්ස් එකක් slt එකෙන් දීල තියනවා. මේක නත්තල් තෑග්ගක්, පැකේජ් ඒක මොකක් උනත් line, 4G උනත් සේරටම පුළුවන් මේකට තරග කරන්න. ඊට පස්සේ අනික් යටත් දැනගන්න ඒක share කරන්න. හොදයි එහෙනම් මෙතනින් play කරන්න.


Click here for play game

Wednesday, December 14, 2016

ඛන්ඡායුධ GAME එක free බාමු...

ඔන්න ඉතින් අද ගෙනාව මේ ගේම free බාන්න ලින්ක් එකක්.






මේක ටිකක් හදිස්සියෙන් දාන පොස්ට් එකෙක්. මේක ඒ කට්ටිය ෆ්‍රී දුන්න කියනල තමයි ගොඩක් අය කියන්නේ. ගොඩක් අයට මේකේ ලින්ක් එකක් හොයන්න අමාරුයි කිව නිසා ඔන්න මම මේ පොස්ට් ඒක දැම්ම. එහෙනම් බාගන්න. මාත් බෑවා. එල එහෙනම්.








එහෙමනම් ආය දවසක හමුවෙමු. ජයෙන් ජය.

Thursday, November 17, 2016

Nees for Speed Deluxe Edition multi7-3DM තාම ගැහුවේ නැද්ද?

Need for Speed Deluxe Edition ගැහුවේ නැද්ද?





ඔන්න යාලුවනේ අද මම අරන් ආවා සුපිරි ගේමක්.  ආය ඉතින් ගේම් ගහන කට්ටිය දන්නවනේ. 
ඒ කොහොම උනත් මේක ගොඩක් අය හොයපු දෙයක්. බාන්න දිහක් නෑ කියන එක තමා ප්‍රශ්නේ.
ඒ කොහොම උනත් ඔන්න ඒකට  උත්තරේ. ඔයාලට එක පහතින් බාගන්න පුළුවන්.


 මෙතනින්

15GB විතර ෆයිල් එකකින් තමා මේ ගේම් එක සමන්විත වෙන්නේ. හොදයි එහෙනම් ඔන්න ගේම ගහල අදහස් තියනවනම් කියන්නකෝ.......




හොදයි එහෙමනම් ආය පෝස්ට් එකකින් හමුවෙමු. ජය වේවා... fb page එකට like කරලා අලුත් update එක්ක සෙට් වෙන්න.